brand logo

ශානි අද ජනපති කොමිසමට

03 March 2020

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (03) දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. ශානි අබේසේකරට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ද එම කොමිසම හමුවේ පෙනීසිටීමට නියමිතයි. එම නිලධාරීන් අද පෙරවරු 10.00ට දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවට පෙනී සිටීමට නියමිතයි. මේ අතර අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ. මෙම කොමිෂන් සභාවේ පළමු අතුරු වාර්තාව 2019 වසරේ දෙසැම්බර් මස 20 වැනිදා ජනාධිපතිවරයා වෙත පිළිගන්වනලදී.
 

More News..