brand logo

ශ්‍රී.ල.නි.ප සහ පොදු ජන පෙරමුණේ දෙවන නිල සාකච්ඡාව අද

21 March 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර දෙවන නිල සාකච්ඡාව අද පැවැත්වෙයි. විපක්ෂ නායක කාර්යාලයේදි එය පැවැත්වීමට නියමිත අතර මෙහිදී ආර්ථික, අධ්‍යාපන ඇතුළු නව සන්ධානයේ ප්‍රතිපත්ති පිළිබඳ මූලික එකඟතාවකට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. පසුගිය 14 වනදා විපක්ෂ නායක කාර්යාලයේදී පළමු නිල සාකච්ඡාව පැවති අතර දෙපාර්ශවයම නියෝජනය කරමින් 6 දෙනෙකු ඊට සහභාගි විය. එම සාකච්ඡාවට සහභාගිවීමෙන් අනතුරුව නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ මෙම සාකච්ඡා අතිශය සාර්ථක බවයි.
 

More News..