brand logo

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදෙස් ගත කිරීම අත්හිටුවයි

13 March 2020

නව කොරෝනා වෛරසය (Covid19) අවධානම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට ශ්‍රමිකයන්ට විදේශ ගත වීමට අනුමැතිය ලබා නොදීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය තීරණය කරයි. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකාව තුල සිදු කරනු ලබන නිරෝධායන ක්‍රියාවලියට සහයෝගය ලබා දීම සඳහා කාර්යාංශය විසින් විගමණික ප්‍රජාවගේ දේශිය හා විදේශිය සංචරණ තත්වයන් සීමා කිරීම සිදු කළ යුතු බැවින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් කළ අවධාරණය සැලකිල්ලට ගනිමින් සහ කොරෝනා වෛරසය ව්‍යාප්තව ඇති ඇතැම් රටවල් විසින් එම රටවල් වලට ඇතුළුවීම සීමා කිරීමට ගෙන ඇති තීරණය‍ට සහයෝගය දීමක් වශයෙන් මෙම තීරණ වලට එළැඹුණු බව ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..