brand logo

ලාංකේය රස ලෝකයට අරන් ගිය පුංචි සූපවේදිනිය

10 November 2020

ඕස්ට්‍රේලියාවේ පැවති "ජූනියර් මාස්ටර්චෙෆ් 2020" හි කිරුළ හිමි කරගන්නට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජෝර්ජියා සමත් විය. සෙසු තරගකරුවන් අභිබවා 11 හැවිරිදි ජෝර්ජියා ජයග්‍රාහකයාට හිමි ඔස්ට්‍රේලියානු ඩොලර් 25,000ක් මුදල් ත්‍යාගය ඊයේ (09)දිනා ගනු ලැබීය . ඕස්ට්‍රේලියාවේ ජූනියර් මාස්ටර්චෙෆ් තරඟාවලිය වයස අවරුදු 9-14ක් වු පුංචි දරුවන් වෙනුවෙන් 2010 සිට පවත්වාගෙන යනු ලැබූවකි.මෙයට ඕස්ට්‍රේලියාවේ පදිංචි විවිධ ජාතීන්ට අයත් දරුවන්ට සහභාගී වෙන්න අවස්ථාව ලබා දීලා තිබේ. මේ තරගාවලිය විනිශ්චය කටයුතු ඇන්ඩි ඇලන්, මෙලිසා ලියොන් සහ ජෝක් සොන්ෆ්‍රිලෝ නම් සුප්‍රකට සූපවේදීන් හා විනිශ්චයකාරවරුන් විසින් සිදු කර තිබේ. අවසන් වටය සඳහා ජෝර්ජියා සමඟ ඊජිප්තු සම්භවයක් ඇති ෆිලෝ සහ අවුරුදු 12ක් වයස් වූ කාටර් තරග කර තිබේ.   වට දෙකකින් සමන්විත වුණු අවසන් වටයේ ලබාදී ඇති කාලය තුළ එක් වටයක ප්‍රධාන ආහාර වේලක් සහ තවත් වටයක අතුරු පසක්කිරීමට ඔවුන්ට සිදුව තිබේ. ජොර්ජියා ලාංකීක අනන්‍යතාවය පෙන්වීම සඳහා ශ්‍රී ලංකාවට ආවේණික වූ කහ බතට ගැලපෙන ලෙස සැර ඌරු මස් ව්‍යංජනයක්, වම්බටු බැදුමක්, කජු මාලුවක් හා පපඩම් පිළියෙල කර තිබේ. එමෙන්ම දෙවන තරඟවටය සඳහා Tropical mess නමින් toasted coconut ice cream, brown bread crumb, Davidson plum pearls, Davidson plum meringues සහ lemongrass granita එකතුවෙන් අතුරුපසක් සකස් කර ඇත.   "මම හුඟක් පුදුම වුනා. මම හිතුවේ නෑ මේ තරගාවලියෙන් ජය ගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මං මගේ ආච්චිටයි සීයටයි ගොඩක් එකතුයි. ඒ දෙන්නත් ශ්‍රී ලාංකිකයින්. ලංකාවේ තියෙන එක එක කෑම හදන්න මට පුරුදු කරේ මගේ ආච්චි අම්මා. මේ වෙලාවේ මං ඒ දෙන්නට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මම හිතාගෙන ඉන්නේ මට අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ ඒ මුදල් පාවිච්චියට ගන්න .මගෙ දැන් වයස අවුරුදු 11යි නේ. තව අවුරුදු හතක් යනකම් මට ඒ ගැන කල්පනා කරන්න පුළුවන් .මං ට්‍රැවල් කරන්න හරි ,කැෆේ එකක් දාන්න හරි ඒ මුදල් යොදා ගනියි කියල හිතනවා." යනුවෙන් ඇය පවසා ඇත.    
 

More News..