brand logo

ශ්‍රී ලාංකික මවගේ දරු සඵලතාව පහළ බසී

06 April 2019

ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ‘‘දරු සාඵල්‍යතා අනුපාතිකය’’ හෙවත් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට තම ජීවිත කාලය තුළදී ලබාදිය හැකි දරු උපත් සංඛ්‍යාව බෙහෙවින් පහත වැටී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ ‘‘Sri lanka Demographic and Health Survey - 2016‘‘ නම් වාර්තාවේ සඳහන්ව තිබේ. එහි සඳහන් වන අන්දමට ශ්‍රී ලංකවේ විවාහක කාන්තාවන්ගේ දරු සාඵල්‍යතාවය, දරු උපත් 2.2ක් දක්වා පහත වැටී ඇත. 1960 වසරේදී ලංකාවේ දරු සාඵල්‍යතා අනුපාතිකය දරු උපත් 5.5ක් වැනි ඉහළ මට්ටමක පැවැතිණි. සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවේ දැක්වෙන ආකාරයට දරු උපත් 1.8ක් වූ අඩුම සාඵල්‍යතාවය වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ලෝක බැංකුවේ එන තොරතුරු අනුව, ලොව ඉහළම දරු සාඵල්‍යතාවය පවතින රට වූයේ අප්‍රිකානු රටක් වන ‘‘නයිජර් රාජ්‍යයයි’’. එය දරු උපත් 7.153කි. ලොව පහළම දරු සාඵල්‍යතාවය ඇති රට තායිවානයයි. එහි දරු සාඵල්‍යතා අනුපාතිකය 1.218කි. එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 94 වැනි අංකයයි. කාන්තාවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ යාම, සෞඛ්‍ය සේවා වැඩිදියුණු වීම, කාන්තා සේවා නියුක්තිය ඉහළ යාම ආදී කාරණාද දරු සාඵල්‍යතාවය අඩුවී යාමට හේතූන් බවද විද්වත්තු සඳහන් කරති. ලංකාවේ රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව 2008-2017 යන කාලය තුළ රටේ කෙරුණු විවාහ සංඛ්‍යාව 29,213කින් පහත වැටී තිබේ. එයද දරු උපත් ගණන අඩු වී යාමට හේතුවක් බව කියති. ක්‍රිෂ්ණ විජේබණ්ඩාර
 

More News..