brand logo

ශ්‍රී ලාංකික පියෙක් සිය පුතා සමග ගුවන් යානයක් පදවාගෙන දිවයිනට පැමිණෙයි

25 September 2019

මෙරට සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් ලක්ෂයක් සනිටුහන් කරමින් ශ්‍රී ලාංකික පියෙක් සිය පුතු සමග මගී ගුවන් යානයක් පදවාගෙන මැලේසියාවේ සිට ශ්‍රී ලංකා බලා පැමිණියේය. මෙලෙස මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ දක්වා ඔවුන් දෙපළ පැමිණියේ එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙනි. එහි ප්‍රධාන ගුවන් නියමුවා ලෙස උදිත දන්වත්ත සහ ඔහුගේ පුතුවන කවීෂ දන්වත්ත සහාය ගුවන් නියමුවා ලෙස කටයුතු කළේය. ඔවුන් දෙදෙනා පිළිගැනීමට උදිත දන්වත්ත මහතාගේ ආදරණීය බිරිද මල් මිටක් ද රැගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියේය. එම අවස්ථාවේදී මෙරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදිත දන්වත්ත මහතා මෙසේ පැවසීය. මට මේ ගුවන් ගමන ඉතාමත් සුවිශේෂී එකක්. මම මගේ පුතාත් එක්ක මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එයා ඒෂියා ගුවන් යානය පදවාගෙන පැමිණියා.එහිදී මගේ සහායක ගුවන් නියමුවා ලෙස කටයුතු කළේ මගේ ආදරණීය එකම පුතා, කවීෂ දන්වත්ත. මේක අපි බලාපොරොත්තු වූ සිහිනයක්. මේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක්. ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක්. මෙහිදී අදහස් සහායක ගුවන් නියමු කවීෂ දන්වත්ත මහතා ද අදහස් දැක්වූයේ මෙලෙසයි... මේක මගේ කුඩා කාළයේ පටන්ම පැවති සිහිනයක්. මට අවුරුදු 22 කට පසුව ඒ සිහිනය සැබෑ කර ගන්නට පුළුවන් උනා. ඉතිං මට මේ තත්වයට එන්නට උදව් කළ මගේ ආදරණීය දෙමාපියන්ට , ගුරුවරුන්ට මේ අවස්ථාවේ මම ස්තුතිය පුද කරනවා. මෙම අවස්ථාවෙන් පසුව උදිත දන්වත්ත සහ කවීෂ දන්වත්ත දෙපළ විසින් යළි එම ගුවන් යානයෙන් රාත්‍රී 10.55ට පමණ කටුනායක ගුවන් තොටුපළින් මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන් තොටුපළ බලා පිටත්ව ගියහ.
 

More News..