brand logo

ශ්‍රී ලාංකිකයන්ට ජපානයෙන් රැකියා අවස්ථා

18 June 2019

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා හෙට (18) ජපානයේදී ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතය. වසර 10ක කාලයක් ක්‍රියාත්මක වන මෙම ගිවිසුම මගින් රැකියා විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලාංකිකයන්ට හිමිවනු ඇති. ජපානයෙන් මෙම රැකියා අවස්ථා ලොව රටවල් 9ක් සදහා ලබාදෙන අතර ඉන් 7 වන ස්ථානය ශ්‍රි ලංකාවට හිමිවීම විශේෂත්වයකි. මෙම ගිවිසුම මගින්, සාත්තු සේවිකා ගොඩනැගිලි පිරිසිදු කරන්නන් යන්ත්‍ර කොටස් හා එකලස් කාර්මික යන්ත්‍ර කර්මාන්තය විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් හා තොරතුරු කර්මාන්තය ඉදිකිරීම් ක්ෂේත්‍රය නැව් කර්මාන්තය රථවාහන හා නඩත්තු ගුවන්යානා කර්මාන්තය කෘෂිකර්මාන්ත ධිවර හා ජලජීවි වගාව ආහාර පාන නිෂ්පාදනය ආහාර සේවා සැපයුම් යන ක්ෂේත්‍රවල රැකියා ලැබීමට නියමිතය.
 

More News..