brand logo

ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා අක‍්‍රමිකතා සොයන්න නීතිපතිට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

28 August 2019

ශ්‍රී  ලන්කන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවු බවට කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ අනුව ඉදිරි නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට හා නීතිපතිවරයා වෙත යොමු කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ශ‍්‍රී ලංකන් කේටරින් සමාගම, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සහ මිහින් ලංකා පෞද්ගලික සමාගම යන ආයතනවල 2006 වසරේ ජනවාරි මස පළමු වන දින සිට 2018 වසරේ ජනවාරි 31 වැනිදා දක්වා සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සදහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත මෙම කොමිෂන් සභාව පත්කර ඇති අතර විවිධ පාර්ශව වලින් ලබාගත් ලිඛිත හා වාචික පැමිණිලි සහ වෙනත් තොරතුරු පරීක්ෂා කර බලා නිර්දේශ 32 ක් ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවද ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් කර ඇත.
 

More News..