brand logo

ශ්‍රී.ලං.නි පක්ෂයෙන් ජනපති අපේක්ෂකයෙකු සිටිය යුතුයි - දුමින්ද

08 July 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු සිටිය යුතු මතය තම පක්ෂය දරණ බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය. ඒ් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, එප්පාවල පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ් මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක එකතුවීම පිළිබඳව සාකච්ජා පවත්මින් යනවා, සාකච්ජා වල ප්‍රථිපල තමා පහුගිය දවස් වල දැනගන්න ලැබුණේ, පක්ෂ දෙක කොහොමදඑකතු වෙන්නේ කියන එකේදී එදා ඉඳන්ම අපි පක්ෂ කිව්ව කාරණයක් තමයි පක්ෂ දෙකේම අනන්‍යතාවය ආරක්ෂා විය යුතුයි කියන කාරණාව,ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ එකතු වෙනවා නම් අර කිව්ව නමින් තමයි එකතු වෙන්නේ.ජනාධිපති අපේක්ෂකයා කවුද කියන කාරණාව සම්බන්ධයෙන් තාම අවසන් එකඟතාවක් නෑ, පක්ෂ දෙක කොහොමද එකතු වෙන්නේ කියන කාරණාව පිළිබඳව තමයි පක්ෂයේ කණ්ඩායම් දෙකක් සාකච්ජා කරන්නේ. මේ සාකච්ජා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජිතයෝ තිදෙනෙක් නම් කරලා ඉන්නවා, දයාසිරි ලේකම්තුමා, හිටපු ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මැතිතුමා හා තිලංග සුමතිපාල මැතිතුමා, ඒ් අය සාකච්ජා සිදුකරනවා.පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ජනාධිපති අපේක්ෂකයෙක් සිටිය යුතුයි කියන මතය පක්ෂයක් ලෙස අපි දරනවා යැයි වැඩිදුරටත් පැවසීය.
 

More News..