brand logo

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

23 January 2020

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. ඊයේ දිනය නිමා වන විට පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ පිල කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 30ක් රැස්කරගෙන සිටියේය. පළමු ඉනිම වෙනුවෙන් සිම්බාබ්වේ පිල ලකුණු 358ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා පිල පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 9ක් දැවී ලකුණු 515ක් රැස්කර ගැනීමට සමත් විය. එහිදී ඇන්ජලෝ මැතිව්ස් සිය මංගල ද්විත්ව ශතකය ද වාර්තා කිරීමට සමත් විය. පන්දු 468කට මුහුණු දී සිටි මැතිව්ස් සිය ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර 16ක් එක්කොට තිබුණි. ශ්‍රී ලංකා පිතිකරුවෙක් විසින් 2015 මාර්තු මාසයෙන් පසුව ලකුණු 200 සීමාවට පැමිණි පළමු අවස්ථාව වශයෙන් මෙය සටහන් විය.
 

More News..