brand logo

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද - ඇන්ජි ශතකයක් අභියස

22 January 2020

මෙම තරගයේ තෙවන දිනය සදහා ඊයේ (21) දිනයේ තරගය අවසන් කරන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා පිල කඩුළු 4ක් දැවී ලකුණු 295ක් රැස්කර ගෙන සිටියේය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 80ක් රැස්කර ගත් අතර, නායක දිමුත් කරුණාරත්න ලකුණු 37ක් රැස්කර ගැනීමට සමත් විය. මීට අමතරව ඔෂධ ප්‍රනාන්දු ලකුණු 21ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 12ක් ලබාගත්තේය. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 92ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 42ක් රැස්කර ගෙන සිටියේය. මෙම තරගයේ ප්‍රථම ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල ලකුණු 358ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා පිල ලකුණු 63ක් පසුපසින් සිටීයි.
 

More News..