brand logo

ශ්‍රී ලංකා සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අද

31 January 2020

ශ්‍රී ලංකා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන සහ අවසන් දිනය අදයි. ඊයේ (30) දිනය නිමාවන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 241ක් රැස්කර ගෙන සිටියේය. සිම්බාබ්වේ දෙවන ඉනිම වෙනුවෙන් බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 67ක් රැස්කර ගැනීමට සමත් විය. නොදැවී පන්දුවට පහරදෙන නායක සීන් විලියම්ස් ලකුණු 47ක් සහ ඩොනල්ඩ් ට්‍රිපානෝ එක් ලකුණක් ලබාගෙන සිටියේය. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය සහ විශ්ව ප්‍රනාන්දු කඩුළු දෙක බැගින් දවාගත් අතර, සුරංග ලක්මාල් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් සිම්බාබ්වේ පිල ලකුණු 406ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා පිල ලකුණු 293ක් රැස්කර ගත්තේය. ඒ අනුව සිම්බාබ්වේ පිල මේ වන විට ලකුණු 354ක් ඉදිරියෙන් සිටීයි.
 

More News..