brand logo

ශ්‍රී ලංකා සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ තෙවන දිනය අද

21 January 2020

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි. ඊයේ (20) දිනය නිමා වන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 42ක් රැස්කර ගෙන සිටියේය. ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස ඔ්ෂධ ප්‍රනාන්දු දැවී ගිය අතර, ඔහු ලකුණු 21ක් ලබා ගැනීමට සමත් විය. දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි නායක දිමුත් කරුණාරත්න ලකුණු 12ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 6ක් රැස්කර ගෙන සිටියේය. තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල සියලුදෙනා දැවී ලකුණු 358ක් රැස්කර ගැනීමට සමත් විය.
 

More News..