brand logo

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ශ්‍රේෂ්ඨාධිකරනයෙන් නියෝගයක්

23 July 2019

විදේශ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පවත්වන විභාගය සමත්වූ සිසුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කරගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අද නියෝග කර ඇත. විදේශ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් 16 දෙනෙකු ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති අතර මෙම නියෝගය අද ලබාදී ඇත්තේ ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්ය.
 

More News..