brand logo

‘ශ්‍රී ලංකා වනිතාභිමාන’ දැයේ කත දිනවන පියවරේ ZOOM දිගහැරුම

27 February 2021

‘තොටිල්ල පදවන දෑත ලොවම පාලනය කරයි’ යන විශ්ව කියමනට අරුතක් සැපයීමට සහ නූතන ආර්ථික සංග්‍රාමයට කාන්තාව සක්‍රීයව දායක කරගැනීමට බලගන්වන්නට හැකිවන ලෙස NDB හඳුන්වා දුන් ‘ශ්‍රී ලංකා වනිතාභිමාන’ සුවිශාල ව්‍යාපෘතියකි. රටේ පවතින COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ වුවත්, සෞඛ්‍යාරක්ෂිතව සහ රජයේ උපදෙස්වලට අනුකුලව මෙන්ම නවීන ZOOM තාක්ෂණය උපයෝගී කර ගනිමින් පළාත් මට්ටමේ ඇගයීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු කිරීමට අපට හැකියාව ලැබිණි. පසුගිය වසරේ කැඳවූ අයැදුම්පත්වල බස්නාහිර, වයඹ, ඌව, සබරගමුව, උතුර සහ නැගෙනහිර යන පළාත්හි තෝරාගත් අයැදුම්කාරියන්ව විෂබිජහරණයකරන ලද NDB ශාඛා පරිශ්‍රයන් තුළ සිට ZOOM තාක්ෂණය ඔස්සේ ප්‍රධාන විනිසුරුවරුන් සමග සම්බන්ධ වීමට කටයුතු යොදා තිබිණි.
 

More News..