brand logo

ශ්‍රී ලංකා රජය Covid 19 පාලනයට ගෙන යන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රසාදය

01 April 2020

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමතා ප්‍රසාදය පළ කර ඇති බව වාර්තා වේ. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියෙන් ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත කලාපයට සිදුවියහැකි සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් පිළිබඳව සාකච්ඡා වූ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබුණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ටිව්ටර් සටහනට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දක්වන සහයෝගයට සිය ස්තූතිය පළ කර තිබුණි.
 

More News..