brand logo

ශ්‍රී ලංකා බැංකු සංගමයේ වෙබ් අඩවිය වැඩිදියුණු කර දියත් කෙරේ

13 July 2021

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රමුඛතම සංවිධානය වන ශ්‍රී ලංකා බැංකු සංගමයේ වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම වැඩිදියුණු කර නැවත දියත් කිරීම පසුගියදා සිදුකෙරිණි. මේ සඳහා පැවති අතථ්‍ය (Virtual) උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සහභාගී විය. www.slba.lk ලිපිනය ඔස්සේ දැන් මෙම වෙබ් අඩවියට පිවිසිය හැකි වේ. මෙම උත්සවයේදී අදහස් දක්වමින් මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා මෙසේ පැවසී ය. "ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රය දියුණුව කරා රැගෙන යාමට, තිරසාර මූල්‍ය වැඩසටහන් වැනි නවෝත්පාදනයන් සමගින් පෙරමුණ ගන්නා අතරම, බැංකු ක්ෂේත්‍රයේ ශක්තිය හා ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකා බැංකු සංගමය ලබාදෙන දායකත්වය හා චින්තන නායකත්වය අපගේ ඇගයීමට ලක්විය යුතු යි. "බැංකු ක්ෂේත්‍රය තුළ උපදේශනය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව සහ අනෙකුත් පාර්ශ්වයන් සමග නිරන්තර සංවාදයන් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා බැංකු ආයතනය දරන උත්සාහය ප්‍රශංසනීයයි. අද දින මේ වෙබ් අඩවිය දියත් කිරීම, ශ්‍රී ලංකා බැංකු ආයතනයේ මෙන්ම සමස්ත බැංකු ක්ෂේත්‍රයේම සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්. "රටේ ආර්ථිකයේ පුනර්ජීවනයට සහ තිරසාර සංවර්ධනයට නවෝත්පාදනයන් ඔස්සේ සක්‍රීයව දායක වීමට බැංකු ක්ෂේත්‍රය කටයුතු කරනු ඇතැයි කියා මා බලාපොරොත්තු වෙනවා.
 

More News..