brand logo

ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරඟය අද පස්වරුවේ

01 July 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරගය අද (01) පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරගය Riverside Groundහි පැවැත්වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතව තිබේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අවස්ථාවක් නොමැති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට ද මේ වන විට එම අවස්ථාව අහිමිවී තිබේ. කෙසේ වෙතත් අද තරඟය සදහා ක්‍රීඩාකරනු ලබන අනුමාන කණ්ඩායම් දෙක ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර ඇත. West Indies (probable): 1 Chris Gayle 2 Evin Lewis/Sunil Ambris 3 Shai Hope (wk) 4 Nicholas Pooran 5 Shimron Hetmyer 6 Carlos Brathwaite 7 Jason Holder (capt) 8 Ashley Nurse 9 Kemar Roach 10 Sheldon Cottrell 11 Oshane Thomas Sri Lanka (probable): 1 Dimuth Karunaratne (capt) 2 Kusal Perera (wk) 3 Avishka Fernando 4 Kusal Mendis 5 Angelo Mathews 6 Jeevan Mendis/Milinda Siriwardana 7 Dhananjaya de Silva 8 Thisara Perera 9 Isuru Udana 10 Lasith Malinga 11 Kasun Rajitha
 

More News..