brand logo

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයට වර්ෂාවෙන් බාධා

25 May 2021

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය මේ වන විට නතර කර තිබේ. තරගය නතර කරන විට මුලින්ම පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ පිතිකරුවන් පන්දුවාර 43යි පන්දු 3කදී කඩුළු 7ක් දැවී  ලකුණු 213ක් රැස්කර ගෙන සිටියේය. නොදැවී පන්දුවට පහරදෙන මුෂ්ෆික රහීම් ලකුණු 96ක් රැස්කර ගෙන සිටින අතර මොහොමඩ් සයිෆුඩීන් ලකුණු 8ක් රැස්කර ගෙන සිටියි. ඊට අමතරව මහමදුල්ලා ලකුණූ 41ක් රැස්කර ගත් අතර, ලිටුන් ඩාස් ලකුණූ 25ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලක්ෂාන් සදකැන් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය. දුෂ්මන්ත චමීර කඩුළු දෙකක්, ඉසුරු උදාන සහ වනිදු හසරංග එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් විය.
 

More News..