brand logo

ශ්‍රී ලංකා බංග්ලාදේශ අවසන් එක්දින තරගය අද

31 July 2019

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. මෙම තරගාවලියේ පළමු තරගය සහ දෙවන තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විටත් තරගාවලියේ ජය හිමිවී අවසන්. කෙසේ වෙතත් අද පැවැත්වෙන තුන්වන තරගයේදීත් හොද තරගයක් ලබාදීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සදහන් කළේය. මේ අතර අද තරගය නුවන් කුලසේකරගේ ක්‍රිකට් දිවියට ගෞරවාන්විත සමුදීමක් වශයෙන් නම් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ දිනයේ පැවැති මාධ්‍ය හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කර සිටියේය.
 

More News..