brand logo

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල සමුළුව 11 වැනිදා සුගතදාසයේදී

22 June 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මහා සමුළුව අගෝස්තු 11 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම පක්ෂයේ ප්‍රබලයෙක් ‘අරුණ’ට පැවසීය. එහිදී පක්ෂ ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා තෝරා ගැනීමට නියමිතය. මේ අතර ජනාධිපතිවරණයේදී විපක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තීරණය කිරීම හා එය ප්‍රකාශයට පත් කිරීමේ බලය ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් ප්‍රථම වතාවට නිල වශයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට භාර දීමට පසුගිය බ්‍රහස්පතින්දා (20දා) පැවති මන්ත්‍රී කණ්ඩායමේදී ඒකමතිකව තීරණය කර ඇත. මීට පෙර තැන තැන කියැවුණේ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා තීරණය කරන බවයි. පසුව මෙසේ නිල වශයෙන් රාජපක්ෂ මහතාට පවරනු ලැබුවේ පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ ඒ මහතාගේ විජේරාම නිල නිවාසේ පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී්‍ය. කෙසේ වෙතත් විපක්ෂයෙන් මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ හෝ චමල් රාජපක්ෂ බවට විවිධ පාර්ශ්වයන්ගෙන් යෝජනා වී තිබේ.
 

More News..