brand logo

ශ්‍රී ලංකා පිල ලකුණු 136කට දැවී යයි

01 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය සදහා නවසීලන්තය සහ ශ්‍රී ලංකා අතර තරගය මේ වන විට පැවැත්වෙමින් තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායකයා විසින් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පන්දුවට පහරදීම සදහා පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර 29යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 136ක් පමණීයි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න විසින්ය. දිමුත් කරුණාරත්න පන්දු 84කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 52ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීම සදහා නවසීලන්ත කණ්ඩායම ලකුණු 137ක් රැස්කර ගත යුතු වේ.
 

More News..