brand logo

ශ්‍රී ලංකා පිල අයි.සී.සී. ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට

25 November 2021

පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

2021-23 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ. එහි දෙවන තැන ඉන්දියාවටද ,තෙවන තැන පකිස්ථානය හිමිව ඇත. ශ්‍රී ලංකාව මෙලෙස ප්‍රථම ස්ථානය දක්වා පැමිණියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ජය ගැනීමත් සමගය. ඒ ලකුණු 187කිනි.

මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා දැවී ලකුනු 386ක් රැස්කර ගත් අතර, පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් පිතිකරුවන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 230ක් පමණියි.

අනතුරුව දෙවැනි ඉනිම සදහා කඩුළු 4ක් දැවී ලකුණු 191ක් ලබා සිටි ශ්‍රී ලංකා පිල කොදෙව් පිලට පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමට ආරාධනා කළේය. ඒ අනුව කොදෙව් කණ්ඩායමට ලකුණු 348ක අභියෝගයක් හිමිවිය. නමුත් කොදෙව් කණ්ඩායමට සියලුදෙනා රැස්කර ගත හැකි වූයේ ලකුණු 160ක් පමණියි. මෙම තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න දිනා ගැනීමට සමත් විය.
 

More News..