brand logo

ශ්‍රී ලංකා පිලේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝවට හිටපු ක්‍රීඩකයන් දැක්වූ අදහස්

19 February 2019

පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයෙන් අනතුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ විවේකාගාරය තුළදී ක්‍රීඩකයින් සිදුකළ ප්‍රකාශ සම්බන්දව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් තිදෙනෙකු මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා. අර්ජුන රණතුංග, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මෙලෙස අදහස් දක්වා සිටියා. කුමාර් සංගක්කාර ක්‍රීඩාගාරයේදී ඉතාමත් සමීපව, එකට කණ්ඩායමක් හැටියට කතාබහ කරන දේවල පටිගත කරලා එළියට දාන්න මං හිතන්නේ අවශ්‍යතාවයක් නැහැ. අපිටත් විශේෂිත වූ ඒ වගේ ප්‍රශ්න තිබ්බා. නමුත් අපේ වාසනාවට අපේ පරිනත වූ අත්දැකීම් විශාල ප්‍රමාණයක් තිබ්බ වයසනුත් සාමාන්‍ය අන්දමකින් පරිනත වුන කණ්ඩායමක් තමයි හිටියේ. නමුත් දැන් කණ්ඩායම ගත්තාම ඉතාමත් ලාබාලයි. ඔවුන්ට අපිට දැනුන පීඩනය වැඩිවෙලා දැනෙනවා ඇති. මහේල ජයවර්ධන කණ්ඩායමේ ඇතුළේ දේවල්, කණ්ඩායම ඉදිරියේ කතාකරන එක තමයි වැදගත් වෙන්නේ. ඉතිං මං හිතන්නේ ඒ කතා කරපු හැම ක්‍රීඩකයෙක්ම ඉතාමත් වගකීමකින් යුතුව කතා කළේ. අවාසනාවකට ඒ පෞද්ගලිකව කතා කරපු දේවල් එළියට ආපු එක ඉතාමත් කණගාටුයි. දැන් ඉදිරියේදී ඔවුන් වගබලා ගත යුතුයි ඒ දේවල් එළියට එන්‌නේ නැතිව තියාගන්න. අපි ඒ වීඩියෝව ගැන ටිකක් උපේක්ෂාවෙන් බලන්න ඔ්නේ. අර්ජුන රණතුංග අපි තරගයක් ඉවර වුනාම, ජයග්‍රහණය කරපුවාම ඒක ඇතුළේ අපි එක එක විදිහට ක්‍රියාත්මක වෙනවා. අපි ඔයිට වැඩිය කතා කරලා තියෙනවා. ඔයිට වැඩිය දේවල් වෙලා තියෙනවා. හැබැයි ඒව්වා පිටට ගිහින් නැහැ. මේක කරපු මිනිහා කවුද කියලා බලලා, මාධ්‍යයට දුන්නේ කවුද කියන එක බලලා ඒ දෙන්නව ඉස්සෙල්ලාම එළවලා දාන්න ඕනේ. වීඩියෝ - අද දෙරණ
 

More News..