brand logo

ශ්‍රී ලංකා පිලට ලකුණු 377ක අභියෝගයක්

02 April 2021

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. ඊයේ දිනය නිමා වන විට පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා පිල කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 29ක් රැස්කර ගෙන සිටියේය. මෙම තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පිලට අද දිනය තුළ තවත් ලකුණු 348ක් ලබා ගත යුතුව ඇත. දෙවැනි ඉනිම සදහා මුලින් පන්දුවට පහරදුන් කොදෙව් පිල කඩුළු 4ක් දැවී ලකුණු 280ක් රැස්කර ගෙන සිටියදී ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීම සදහා ආරාධනා කළේය. ඒ අනුව ශ්‍රී ලංකා පිලට ලකුණු 377ක අභියෝගයක් හිමිවිය. මෙම තරගයේ පළමු ඉනිම සදහා කොදෙව්වන් ලකුණු 354ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා පිලට රැස්කර ගත හැකි වූයේ ලකුණු 258ක් පමණීයි.
 

More News..