brand logo

ශ්‍රී ලංකා පිලට කඩුළු 6ක ජයක් - දිමුත් තරගයේ වීරයා

18 August 2019

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ. මෙම තරගයේ පළමු ඉනිම සදහා නවසීලන්ත පිල ලකුණු 249ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල ලකුණු 267ක් ලබාගැනීමට සමත් විය. අනතුරුව දෙවැනි ඉනිම සදහා නවසීලන්ත කණ්ඩායම ලකුණු 285ක් රැස්කර ගත් අතර, ඒ අනුව ශ්‍රී ලංකා පිලට ලකුණු 268ක අභියෝගයක් හිමිවිය. ශ්‍රී ලංකා පිල කඩුළු 4ක් දැවී ලකුණු 268ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කිරීම සමත් විය. ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 122ක් රැස්කර ගත් අතර, ඔහුට තරගයේ වීරයා සම්මානය හිමිවිය.
 

More News..