brand logo

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉතාමත් හොඳ තීරණයක් සුබ්‍රමනියන් ස්වාමි කියයි

10 November 2018

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉතාමත් හොද තීරණයක් බව සදහන් කරමින් ඉන්දීය රාජ්‍ය සභා මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි විසින් ට්විටර් සටහනක් තබා තිබෙනවා. එමගින් ඔහු සදහන් ඇත්තේ බහුතරය මත පදනම් වූ ව්‍යවස්ථාමය තීරණයක් ගැනීම යහපත් එකක් බවයි. එමෙන්ම ජනතාව/ඡන්ද දායකයා විසින් ඒ පිලිබදව නිසි තීරණයක් ගනු ඇති බව ද ඔහු සදහන් කර තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය විසින් මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදුන් හොත් එය ඉතා හොඳ ගනුදෙනුවක් විය හැකි බවද සුබ්‍රමනියම් ස්වාමි සදහන් කරනවා. නමුත් ශ්‍රී ලංකාවේ දෙමළ නායකයින් සියදිවි නසාගැනීමේ ප්‍රවනතාවයක් පවතින බවද ඉන්දීය රාජ්‍ය සභා මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි සිය ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් පවසා තිබෙනවා.
 

More News..