brand logo

ශ්‍රී ලංකා පාකිස්ථාන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද

20 December 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායමේ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 191ක් පමණීයි. පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 60ක් සහ අසාඩ් ෂාෆික් ලකුණු 63ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු කුමාර සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුළු 4 බැගින් දවා ගැනීමට සමත් විය. ඊට අමතරව විශ්ව ප්‍රනාන්දු කඩුළු 2ක් දවාගත්තේය. ඒ අනුව තරගයේ දෙවන දිනය වන අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටීයි.
 

More News..