brand logo

Update : ශ්‍රී ලංකා පාකිස්ථාන තරඟයට වර්ෂාවෙන් බාධා

07 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ. මේ හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමද තවදුරටත් ප්‍රමාද වී තිබේ. ------------------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා පාකිස්ථාන තරඟය අද පස්වරුවේ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ පාකිස්ථාන කණ්ඩාමය සමගය. දෙරට අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට එංගලන්තයේ බ්‍රිස්ටල් හි County Ground පිටියේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර 2015 සිට මෙතෙක් තරග 11 පැවැති අතර, ඉන් තරග 9ක් ජයගෙන තිබේ. ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන්නේ තරග දෙකක් පමණීයි. මේ අතර අද තරගයට සහභාගි වන අනුමාන ශ්‍රී ලංකා සහ පාකිස්ථාන කණ්ඩායම් දෙක ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබේ. එම කණ්ඩායම් දෙක පහතින් වේ..... Pakistan (probable): 1 Imam-ul-Haq 2 Fakhar Zaman 3 Babar Azam 4 Mohammad Hafeez 5 Sarfaraz Ahmed (capt, wk) 6 Shoaib Malik 7 Asif Ali 8 Shadab Khan 9 Hassan Ali 10 Mohammad Amir 11 Wahab Riaz Sri Lanka (probable): 1 Dimuth Karunaratne (capt) 2 Kusal Perera (wk) 3 Lahiru Thirimanne 4 Kusal Mendis 5 Angelo Mathews 6 Dhananjaya de Silva 7 Thisara Perera 8 Isuru Udana 9 Jeevan Mendis/Suraga Lakmal 10 Lasith Malinga 11 Nuwan Pradeep
 

More News..