brand logo

ශ්‍රී ලංකා පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද

13 December 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තෙවන දිනය සදහා අද තරගය ආරම්භ කිරීම ප්‍රමාද වී තිබේ. ඒ රාවල්පින්ඩි ක්‍රීඩාංගණය සහ ඒ අවට ට වර්ෂාපතනය ඇද හැලීම හේතුවෙනි. මෙම තරගයේ පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 263ක් රැස්කර ගෙන සිටී. නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 72ක්, දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 2ක්, නායක දිමුත් කරුණාරත්න ලකුණු 59ක්, ඕෂධ ප්‍රනාන්දු ලකුණු 40ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේදී නෂීම් ෂා හ ෂහීන් ෂා අෆ්රඩී කඩුළු 2ක් දවාගත්තේය. ඊට අමතරව මොහොමඩ් අබ්බාස් සහ උසුමන් ෂින්වාරි එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් විය.
 

More News..