brand logo

ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 104යි - මැතිව්ස් පිටිය මැද තනිවෙයි

27 December 2018

නවසීලන්ත කණ්ඩාය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 104ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 33ක් ලබාගත්තා. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් කඩුළු 6ක් දවා ගැනීමට සමත් වුණා. ටිම් සවුති කඩුළු තුනක් දවාගත්තා. මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 178ක් රැස්කර ගත්තා. නවසීලන්ත කණ්ඩායම මේ වන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටිනවා. අද තරගයේ දෙවැනි දිනයයි.
 

More News..