brand logo

ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 271ක්

20 December 2019

පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන‌ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලකුනු 271ක් රැස්කර ගත්තේය. ශ්‍රී ලංකා පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුනු 74ක් සහ දිල්රුවන් පෙරේරා ලකුණු 48ක් රැස්කර ගැනීමට සමත් විය. නායක දිමුත් කරුණාරත්න ලකුණු 25යි. පන්දු යැවීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ෂාහීන් අෆ්රිඩී කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය. ඊට අමතරව මොහොමඩ් අබ්බාස් කඩුළු 4ක් ද දවාගත්තේය. තරගයේ දෙවන දිනය වන අද දිනය සදහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්ථාන කණ්ඩායම කිසිවකුත් නොදැවී ලකුණු 57ක් රැස්කර ගෙන සිටියේය.
 

More News..