brand logo

ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 154යි - දික්වැල්ල 42යි.

22 February 2019

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 154 ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 42ක් රැස්කර ගැනීමට සමත් වුණා. ලහිරු තිරිමාන්න ලකුණු 29යි, නායක දිමුත් ලකුණු 17යි, කුසල් මෙන්ඩිස් ලකුණු 16යි, කුසල් පෙරේරා ලකුණු 20යි, ධනංජය ලකුණු 19යි සහ සුරංග ලක්මාල් ලකුණු 7ක් ලබාගත්තා. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් රාබඩා කඩුළු 4ක් දවා ගැනීමට සමත් වුණා. ඔලිවර් කඩුළු 3ක් දවාගත්තා. දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 222ක් රැස්කරගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 68ක් පසු පසින් සිටිනවා.
 

More News..