brand logo

ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 144යි

24 January 2019

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමපළමු ඉනිම සදහා ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා පිල ලකුණු 144කට දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 144ක් පමණයි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 64ක් ලබාගැනීමට සමත් වුණා. පන්දු 62කට මුහුණ දෙමින් දික්වැල්ල අද වාර්තා කළේ සිය 11 වැනි අර්ධ ශතකයයි. දිමුත් කරුණාරත්න ලකුණු 24ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 14ක් සහ ලහිරු තිරිමාන්න ලකුණු 12ක් ලබාගත්තා. පන්දු යැවීමේදී Pat Cummins කඩුළු 4ක් දවා ගත් අතර, සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේදීම කඩුළු 3ක් දවාගැනීමට Jhye Richardson සමත් වුණා. https://twitter.com/cricketcomau/status/1088347686149869570
 

More News..