brand logo

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකේ පන්තියට දාලා පහර දෙන තැනකට පත් වෙලා - දයාසිරි

08 March 2020

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකේ පන්තියට දාලා පහර දෙන තැනකට පත් වෙලා තියෙනවා දැන් මෙයාලා යූ.එන්.පී එකට බනින්නෙ නැහැ බනින්නෙ ශ්‍රී ලංකා එකටයි මෛත්‍රීපාල මහත්තයාටයි ගියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය . දයාසිරි ජයසේකර මහතා මෙසේ පැවසුවේ ශ්‍රී .ල.නි.ප පාක්ෂික හමුවක් (08) දා පොතුහැරදී පැවැති අවස්ථාවට සහභාගී වෙමිනි . වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය. පසුගිය ජනාධිපතිවරණයේදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට තීන්දුවක් ගත්තා විවිධ මත තිබුනත් කට්ටියක් කිව්වා වෙනම තරග කරමු සමහරු කීවා එ.ජා.ප යට උදවු කරමු කියලා අපි එහෙම කළා නම් අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පරාදයි... අන්තිමට කුමාර වෙල්ගමයි චන්ද්‍රිකා මැතිනිය ඇතුළු පිරිසක් ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්තයාට උදව් කළා ඒ රැස්වීම් වලදී කුමාර වෙල්ගම මහත්තයා මොකක්ද කිව්වේ දයාසිරි ජයසේකරගේ කනින් අල්ලා එළියට දානවා කිව්වා දිනුවොත් .. අපි එහෙමයි මේ පක්ෂය බේරගෙන හිටියෙ අපි හරි තැන හිට ගත්තා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව දිනවන්න මේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීමට එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියඹලා ගෙනල්ලම නැද්ද මේ රටේ 69 ලක්ෂයක් ඡන්දය ගත්තේ පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි අනෙකුත් වාමාංශික පක්ෂ එකට එකතු වෙලා ගත්තු ජයග්‍රහණය නිසා කියලා හොඳට මතක තියාගන්න ඒක අද එයාලට අමතක වෙලා මට හරිම කණගාටුයි අන්න ඒ ගැන ගුණමකුකම කියන්නෙඅන්න එකටයි. අද මේ සමහර නායකයන්ට එක අමතකවෙලා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකේ පන්තියට දාලා පහර දෙන තැනකට පත් වෙලා තියෙනවා දැන් මෙයාලා යූ.එන්.පී එකට බනින්නෙ නැහැ බනින්නෙ ශ්‍රී ලංකා එකටයි මෛත්‍රීපාල මහත්තයාටයි අලුත් ආණ්ඩුවක් හදන්න පළවෙනි මුරගල අපි හැදුවා අලුත් ආණ්ඩුව හදන්න කලින් මේ මාස තුන ඇතුළේ එක පාර්ශවයක් තව පාර්ශවයකට පහර දෙනවා දැන් හරි ද මේක මේ අස්ථාවරය නෙවෙයි ද මේ ගේන්න හදන්නේ ..තවම අපිට බඩු මිල බස්සගන්න බැරි වුණා පරණ ආණ්ඩු ගෙනාව ප්‍රශ්න තවම තියනවා ඒවා විසඳගන්න තියෙනවා ඒවා විසඳගන්න තුනෙන් දෙකක ආණ්ඩුවක් පිහිටුවා ගන්න ඕන කියලත් කියනවා දැන් මෙහි මැතිවරණ කරගෙන කොහොමද තුනෙන් දෙකේ ආණ්ඩුවක් හදන්න දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගහනවා බල්ලන්ට බළලුන්ට ගහනවා උදේ ඉදල රෑ වෙනකල් මෛත්‍රීපාල සිරිසේන සිරිසේන ගේ ගෑවුනොත් කෙනෙකුට වත් ඡන්දෙ දෙන්න එපා කියනවා. ඕක කියන්න තිබුණේ 2019 ජනාධිපතිවරණයේදී එදා එහෙම කිව්වෙ නෑ එදා ඕන ගිවිසුමක් අත්සන් කළා මෙයාලා මේ මොකක්ද කරන්න හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන වැඩ පිළිවෙල මේ දැම්ම පටන් අරගෙන ..ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම වට්ටන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්නම් අද පොදුජන පෙරමුණක් නැහැ යැයි ඒ මහතා වැඩි දුරටත් පැවසීය   ඒ.එම් .ඩි අධිකාරී-  පොල්ගහවෙල
 

More News..