brand logo

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට

14 December 2018

ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ අවසන් පූර්ව වටයේදී ඊයේ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම කඩුළු 4කින් පරාජයට පත්කිරීමත් සමගයි. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 237ක් රැස්කළා. එම ඉලක්කය හඹා යාම සදහා පිටියට පැමිණි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරගය ජය ගනු ලැබුවේ 49 වැනි පන්දුවාරයේදීයි. කණ්ඩායම වෙනුවෙන් කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 91ක් ලබාගත්තා. එම ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ චාමික කරුණාරත්න නයි නැටුමකින් ජය සමරා තිබෙනවා. අවසන් මහා තරගයට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමග තරගවදින්නේ ඉන්දීය නැගී එන කණ්ඩායමයි. ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගාවලිය හෙට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
 

More News..