brand logo

ශ්‍රී ලංකා නවසීලන්ත ලෙජන්ඩ්ස් තරගය අද‍

24 September 2022

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වැදගත් තරගයක්

ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ක්‍රීඩකයන් තරග වදින ‘රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගය අද (24) පැවැත්වීමට නියමිතයි. ඒ, ඩෙහෙරාදුන් හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර පිටියේදීයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතයි. මෙම තරගය නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට ඉතාමත් වැදගත් තරගයකි. ඊට හේතුවී ඇත්තේ ඔවුන් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවීම හේතුවෙනි. නවසීලන්ත පිල තරග 4කට සහභාගි වී ඉන් එක් තරගයක් පමණක් ජයගෙන ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8කි. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සදහා නවසීලන්ත ලෙජන්ඩ්ස් පිල මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වේ. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල අපරාජිත කණ්ඩායමක් ලෙස මෙම තරගාවලියේ තරග 3කට සහභාගි වී එම තරග තුනම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12කි. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සදහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල මෙම තරගය ජයගත යුතුවේ.
 

More News..