brand logo

ශ්‍රී ලංකා නවසීලන්ත පුහුණු තරඟය ජය පැරදුමෙන් තොරව අවසන්

11 December 2018

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන්ව තිබෙනවා. නවසීලන්තයේ නැපියර් හිදි පැවැති මෙම තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා කඩුළු 9ක් දැවී ලකුණු 210ක් රැස්කර ගෙන සිටියදී ඉනිම නතර කිරීමට තීරණය කළා. පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 128ක් රැස්කර ගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව පිටියට පැමිණි නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 270ක් ලබාගෙන සිටියදී ඉනිම නතර කළා. දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 321ක් ලබාගෙන සිටියදී නවසීලන්තයට පන්දුවට පහරදීමට ආරාධනා කළා. ලකුණු 262ක අභියෝගයක් වෙනුවෙන් පිටියට පැමිණි නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට කඩුළු දෙකක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 139ක් පමණයි. දින දෙකක පුහුණු තරගයක් ලෙස පැවැත් වුණු මෙම තරගය ජය පරාජයකින් තොරව අවසන් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම තරගවදින පළමු ටෙස්ට් තරගය ලබන 15 වැනිදා වෙලිංටන් හිදි පැවැත්වීමට නියමිතයි.
 

More News..