brand logo

ශ්‍රී ලංකා නවසීලන්ත පුහුණු T20 තරගයේ ජය නවසීලන්තයට

29 August 2019

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 34කින් ජය ගැනීමට නවසීලන්ත පිල සමත් විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල පන්දුවාර 20 තුළ කඩුළු 7 ක් දැවී ලකුණු 168ක් රැස්කර ගත්තේය. නවසීලන්ත පිල වෙනුවෙන් කොලින් මුන්රෝ ලකුණු 48ක් ලබාගත් අතර, රොස් ටේලර් ලකුණු 41ක් ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුළු 2ක් දවාගත් අතර, කසුන් රජිත සහ ශෙහාන් ජයසූරිය එක් කඩුල්ල බැගින් දවාගත්තේය. අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිලට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 135ක් පමණීයි. ශෙහාන් ජයසූරිය ලකුණු 26ක්, දසුන් ශානක ලකුණු 25ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 22ක් රැස්කර ගත්තේය.
 

More News..