brand logo

ශ්‍රී ලංකා නවසීලන්ත පුහුණු තරගයේ දෙවන දිනයට වර්ෂාවෙන් බාධා

09 August 2019

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල අතර පැවැත්වෙන තුන්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙවන දිනය සදහා තරගය දහවල් 12.00 වන තුරුත් ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. ඊයේ දිනයේ තරගය නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල කඩුළු 6ක් දැවී ලකුණු 323ක් රැස්කරගෙන සිටියා. දිනය නිමා වන විට පන්දුවට පහරදෙමින් සිටි නායක අෂාන් ප්‍රියංජන් නොදැවී ලකුණු 54ක් සහ මිනෝද් භානුක නොදැවී ලකුණු 14ක් රැස්කර ගෙන සිටියේය. ශ්‍රී ලංකා සභාපතිගේ පිල වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 98ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 80ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී අජාස් පටේල් කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.
 

More News..