brand logo

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි

16 December 2018

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට තරගයේ දෙවැනි දිනය අදයි. ‌තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමු පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නා. ඒ අනුව පළමු ඉනිම සදහා පන්දුවට පහරදීමට වෙලිංටන් පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා දැවී ලකුණු 282ක් රැස්කර ගත්තා. එහිදී නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 80ක් ලබාගැනීමට සමත් වුණා. ඊට අමතරව ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 83ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 79ක් ලබාගත්තා. පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායමේ ටිම් සවුති කඩුළු 6ක් දවා ගැනීමට සමත් වුණා. අනතුරුව පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි නවසීලන්ත පිතිකරුවන් කඩුළු දෙකක් දැවී ලකුණු 311ක් ලබාගෙන සිටියදී දිනය නිමාවට පත්වුණා. පළමු දිනය සදහා තරගය නතරකරන විට පන්දුවට පහරදෙමින් සිටි ටොම් ලැතේම් නොදැවී ලකුණු 121ක් සහ රොස් ටේලර් නොදැවී ලකුණු 50ක් ලබාගෙන සිටියා. ඊට අමතරව නායක කේන් විලියම්සන් ලකුණු 91ක් ලබාගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 29ක් ඉදිරියෙන් නවසීලන්ත කණ්ඩායමට සිටිනවා. අද තරගයේ දෙවැනි දිනයයි.
 

More News..