brand logo

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

17 August 2019

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි. ඊයේ දිනය නිමා වන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත පිල දෙවන ඉනිම වෙනුවෙන් කඩුළු 7ක් දැවී ලකුණු 195ක් රැස්කර ගෙන සිටියේය. නවසීලන්ත දෙවන ඉනිම වෙනුවෙන් ඊයේ දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි බීජේ වැට්ලින් ලකුණු 63ක් ලබාගෙන සිටියේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලසිත් ඇඹුල්දෙණිය කඩුළු 4ක් සහ ධනංජය ද සිල්වා කඩුලු දෙකක් දවාගත්තේය. ඊට අමතරව අකිල ධනංජය එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. මෙම තරගයේ සිය ප්‍රථම වෙනුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල ලකුණු 249ක් රැස්කර ගත් අතර ශ්‍රී ලංකා පිල ලකුණු 267ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ අනුව මෙම තරගයේ නවසීලන්ත පිල ලකුණු 177ක් රැස්කර ගෙන ඉදිරියෙන් සිටීයි.
 

More News..