brand logo

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද

15 August 2019

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ දිනය නිමාවන විට පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 203ක් රැස්කර ගෙන සිටියේය. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි රොස් ටේලර් ලකුණු 86ක් රැස්කර ගෙන සිටි අතර, මිචේල් සැන්ට්නර් නොදැවී ලකුණු 8ක් රැස්කර ගෙන සිටියේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අකිල ධනංජය විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුළු 5ක් දවාගැනීමට සමත් විය.
 

More News..