brand logo

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේදී අකිල වැඩපෙන්වයි

14 August 2019

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පළමු දිනය සදහා තරගය නතර කර තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම දිනය නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 5ක් දැවී ලකුණු 205ක් රැස්කර ගෙන සිටියේය. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි රොස් ටේලර් ලකුණු 86ක් රැස්කර ගෙන සිටි අතර, මිචේල් සැන්ට්නර් නොදැවී ලකුණු 8ක් රැස්කර ගෙන සිටියේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අකිල ධනංජය විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුළු 5ක් දවාගැනීමට සමත් විය. අනෙකුත් කිසිදු පන්දු යවන්නෙකුට කිසිදු කඩුල්ලක් දවාගත හැකි වූයේ නැහැ. හෙට තරගයේ දෙවැනි දිනයයි.
 

More News..