brand logo

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

19 December 2018

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමගයි. මෙම තරගයේ පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 282ක් රැස්කර ගත්තා. අනතුරුව පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් නවසීලන්තය සියලුදෙනා දැවී ලකුණු 578ක් ලබාගැනීමට සමත් වුණා. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වුන ටොම් ලතාම් නොදැවී ලකුණු 264ක් රැස්කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුළු 4ක් දවා ගත්තා. ඉන් අනතුරුව ඉනිමක පරාජයෙන් බේරීම සදහා දෙවැනි ඉනිමට පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුළු 3ක් දැවී ලකුණු 287ක් රැස් කරගත්තා. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වුණ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 141ක් සහ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 120ක් ලබාගත්තා. තරගයේ අවසන් දිනය වන අද දිනයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග තරගය ජය පරාජයකින් තොරව අවසන් වුණා.
 

More News..