brand logo

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනට වර්ෂාවෙන් බාධා

25 August 2019

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද දිනයේත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය පස්වරු 1.00 වන තුරුත් ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. ඊයේ දිනය නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත පිල කඩුළු 4ක් දැවී ලකුණු 196ක් රැස්කර ගෙන සිටියේය. ටොම් ලැතැම් නොදැවී ලකුණු 111ක් රැස්කර ගෙන සිටි අතර, බී.ජේ. වෙට්ලින් නොදැවී ලකුණු 25ක් රැස්කර ගෙන සිටියේය. පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා කඩුළු දෙකක් දවාගත් අතර, ලහිරු කුමාර සහ ලසිත් ඇඹුල්දෙණිය එක් කඩුල්ල බැගින් දවාගත්තේය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 244ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ අනුව නවසීලන්ත පිල මේ වන විටත් ලකුණු 48ක් පසුපසින් සිටීයි.
 

More News..