brand logo

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා සිව්වැනි එක්දින තරඟය අද

13 March 2019

එක්දින තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද පැවැත්වීමට නියමිතය. අද තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ පෝර්ට් එලිසබත් හි ශාන්ත ජෝර්ජ්ස් පාර්ක් හීදිය. එම පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ 5කට සහභාගි වී ඇති අතර, ඉන් ජය ගෙන තිබෙන්නේ එක් තරඟයක් පමණක් ය. අනෙකුත් තරඟ සියල්ල ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්ව තිබේ. පෝර්ට් එලිසබත් හි ශාන්ත ජෝර්ජ්ස් පාර්ක් පිටියේදී ශ්‍රී ලංකාව අවසන් වරට එක්දින තරඟයක් ජයගෙන ඇත්තේ 1998 වසරේදීය. කෙසේ වෙතත් අද (13) පැවැත්වීමට නියමිත තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් එය වසර 21කට පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමක් පෝර්ට් එලිසබත් හි ලද ජයග්‍රහණයක් බවට පත්වනු ඇත. මේ අතර අද තරගය සදහා ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් දෙක අනුමාන වශයෙන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කර තිබේ. එම කණ්ඩායම් දෙක පහතින් වේ.., South Africa (possible): 1 Quinton de Kock (wk) 2 Aiden Markram 3 Faf du Plessis (capt.) 4 Rassie van der Dussen 5 JP Duminy 6 David Miller 7 Andile Phehlukwayo 8 Dale Steyn 9 Anrich Nortje 10 Lungi Ngidi 11 Tabraiz Shamsi Sri Lanka (possible): 1 Niroshan Dickwella (wk) 2 Avishka Fernando 3 Angelo Perera 4 Oshada Fernando 5 Kusal Mendis 6 Kamindu Mendis 7 Thisara Perera 8 Isuru Udana 9 Akila Dananjaya 10 Lasith Malinga (capt.) 11 Kasun Rajitha
 

More News..