brand logo

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තෙවන තරඟය අදයි

10 March 2019

එක්දින තරඟ 5කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන තරඟය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද තරඟය සදහා අනුමාන වශයෙන් ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය මේ වන විට නම් කර තිබෙනවා. එම කණ්ඩායම් දෙක පහතින් බලන්න, South Africa (possible): 1 Quinton de Kock (wk) 2 Reeza Hendricks 3 Faf du Plessis (capt.) 4 Rassie van der Dussen 5 Wiaan Mulder 6 David Miller 7 Andile Phehlukwayo 8 Kagiso Rabada 9 Anrich Nortje 10 Lungi Ngidi 11 Imran Tahir Sri Lanka (possible): 1 Niroshan Dickwella (wk) 2 Avishka Fernando 3 Kusal Perera 4 Oshada Fernando 5 Kusal Mendis 6 Dhananjaya de Silva 7 Kamindu Mendis 8 Thisara Perera 9 Akila Dananjaya 10 Lasith Malinga (capt.) 11 Kasun Rajitha කණ්ඩායම් දෙක අතර තරඟය අද පැවැත්වෙන්නේ ඩර්බන් හි කිංග්ස්මේඩ් පිටියේදීයි. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි. මෙම පිටියේදී මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ තුනකට සහභාගි වී ඇති අතර, ඉන් එකදු තරඟයක් හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට හැකිවී නැහැ. ඩර්බන් හි කිංග්ස්මේඩ් පිටියේ ශ්‍රී ලංකා පළමු වරට තරඟ වැදුනේ පාකිස්තානය සමග ඒ 1994 වසරේදීයි. එම තරඟය පාකිස්ථානය විසින් කඩුළු 6කින් ජයගෙන තිබුණ.. එම පිටියේදී 2003 වසරේ ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකානුවන් සමග තරඟ වැදුනු අතර එම තරඟය ජයපරාජයෙන් තොරව අවසන්ව තිබෙනවා. මීට වසර දෙකකට පෙර එනම්, 2017 වසරේදී නැවතත් දකුණු අප්‍රිකානුවන් සමග කිංගස්මේඩ් පිටියේ පැවැති එක්දින තරඟයකදී ශ්‍රී ලංකා ලකුණු 121කින් දැවැන්ත පරාජයකට ලක්වනවා. ඩර්බන් හි කිංග්ස්මේඩ් පිටියේදී එක්දින තරඟ 38කට සහභාගි වී ඇති සත්කාරක දකුණු අප්‍රිකානුවන් ඉන් තරඟ 21ක් ජයගෙන ඇති අතර, පරාජයට පත්වූ තරඟ සංඛ්‍යාව 11ක් වනවා. කිංග්ස්මේඩ් පිටියේ පැවැති එක්දින තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා වන්නේ බ්‍රයන් ලාරා වන අතර ඔහු විසින් ලකුණු 128ක් රැස්කර ගෙන තිබෙනවා. බ්‍රයන් ලාරාට පසුව කිංගස්මේඩ් පිටියේදී ලකුණු 124ක් ලබාගෙන දෙවන ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක මාවන් අතපත්තුය. ඩර්බන් හි කිංග්ස්මේඩ් පිටියේදී ශ්‍රී ලංකාව මුහුණදුන් තරඟ ඩර්බන් හි කිංග්ස්මේඩ් පිටියේදී පැවැති සමස්ත එක්දින තරඟවල ප්‍රතිඵල
 

More News..