brand logo

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන එක්දින තරඟය අදයි

06 March 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන එක්දින තරඟය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරඟ 5කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකාව එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි තරඟය අද පැවැත්වීමට නියමිතව තිබෙන්නේ සෙන්චූරියන් හි සුපර්ස්පෝර්ට් පාර්ක් පිටියේදීයි. දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භවීමට නියමිතයි. මෙම ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාව එක්දින තරඟ 5කට සහභාගි වී තිබෙනවා. සෙන්චූරියන් හි සුපර්ස්පෝර්ට් පාර්ක් පිටියේදී දකුණු අප්‍රිකාව සමග එක්දින තරඟ තුනකට තරඟවැදී ඇති අතර, ඉන් තරඟ දෙකක් දකුණු අප්‍රිකාව විසින් ජයගෙන ඇති අතර, ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන්නේ එක් තරඟයක් පමණයි. මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව සහ පකිස්ථානය සමගත් මෙම පිටියේදී තරඟවැදී තිබෙනවා. එම එක්දින තරඟ දෙක ද ශ්‍රී ලංකාව විසින් පරාජයට පත්ව තිබෙනවා. ඒ අනුව සෙන්චූරියන් හි සුපර්ස්පෝර්ට් පාර්ක් පිටියේ අද ශ්‍රී ලංකාව තරඟ වදින්නේ මෙම පිටියේදී සිය 6 වැනි තරඟ ලෙසටයි. මේ අතර අද දිනයේ ක්‍රීඩා කරනු ඇති බවට අනුමාන කරන කණ්ඩායම් දෙක ක්‍රිකට් ඉන්‌ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබෙනවා. South Africa (possible): 1 Quinton de Kock (wk) 2 Reeza Hendricks 3 Rassie van der Dussen 4 Faf du Plessis (capt) 5 David Miller 6 Wiaan Mulder 7 Andile Phehlukwayo 8 Kagiso Rabada/Dale Steyn 9 Anrich Nortje 10 Lungi Ngidi 11 Imran Tahir Sri Lanka (possible): 1 Upul Tharanga 2 Niroshan Dickwella (wk) 3 Oshada Fernando 4 Kusal Mendis 5 Kusal Perera 6 Dhananjaya de Silva 7 Thisara Perera 8 Akila Dananjaya 9 Lasith Malinga (capt) 10 Kasun Rajitha 11 Vishwa Fernando
 

More News..