brand logo

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

03 March 2019

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. ඒ අනුව මුලින්ම පන්දු යැවීමට දකුණු අප්‍රිකාව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වන්නේ වසර 7 කට පසුවයි. අවසන් වරට පසුගිය වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව එක්දින ක්‍රිකට් තරගාවලියකදී එකිනෙකා මුණගැසුණු අතර එම තරගාවලිය ද දකුණු අප්‍රිකා කණ්ඩායම විසින් ජයගනු ලැබුවා. දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව පවත්වා ඇති එක්දින තරග 74 න්, තරග 31 ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඉන් තරග 38 ක් දකුණු අප්‍රිකා කණ්ඩායම ජයගෙන ඇති අතර තරග 5 ක් ජය පරාජයෙන් තොරව අවසන්ව තිබෙනවා. කෙසේ වෙතත් මෙතෙක් දකුණු අප්‍රිකාවේදී එක්දින තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව නැහැ. මේ අතර අද තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකම මේ වන විට නිල වශයෙන් නම් කර තිබෙනවා. කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ගේ නම් පහතින් බලන්න..... Sri Lanka (Playing XI): Niroshan Dickwella(w) Upul Tharanga Oshada Fernando Kusal Mendis Kusal Perera Dhananjaya de Silva Thisara Perera Akila Dananjaya Lasith Malinga(c) Vishwa Fernando Lakshan Sandakan South Africa (Playing XI): Reeza Hendricks Quinton de Kock(w) Rassie van der Dussen Faf du Plessis(c) David Miller Wiaan Mulder Dwaine Pretorius Kagiso Rabada Anrich Nortje Imran Tahir Lungi Ngidi
 

More News..